English Sentences

  • All is well that ends well.
    හොදින් අවසන් වන සෑම දෙයක්ම හොඳය.
  • As you sow, so shall you reap.
    අස්වනු ලබා ගන්නේ වැපිරූ ආකාරයටය.
  • A bad name is worse than bad deeds.
    නරක නාමය නරක ක්‍රියාවට වඩා නරකය.
  • A blind man is no judge of colours.
    අන්ධ මිනිසකු වර්ණ පිළිබඳ විනිශ්චයකට සුදුසු නැත.
  • A burnt child dreads the fire.
    පිළිස්සීමට ලක්වූ දරුවකු නිතරම ගින්දරට බියවේ.
  • A friend in need is a friend indeed.
    අවැසි විට ළඟ සිටින මිතුරා ඇත්තෙන්ම මිතුරෙකි.
  • A little bird is contented, with a little nest.
    පුංචි කුරුල්ලකු පුංචි කූඩුවකින්‌ සෑහීමට පත්වේ.
  • A little wood will heat a little oven.
    පුංචි දර කැබැල්ලකින්‌ පුංචි උදුනක්‌ උණුසුම්‌ කරයි.
  • A wise man cares not for what he cannot have.
    නුවණැත්තා තමාට ලබාගත නොහැකි දේ පිළිබඳ තැකීමක් නොකරයි.
  • A man's discontent is his worst evil.
    මිනිසාගේ නරකම දුර්ගුණය තෘප්තියට පත්‌ නොවීමයි.
  • I have a cold and lost my voice.
    මට හෙම්බිරිස්සාව හැදිලා කථාකරගන්න බෑ.
  • I had an accident and broke my leg.
    අනතුරක්‌ වෙලා මගෙ කකුල කැඩුණා.
  • Let's go there and have a picnic.
    අපි අරෙහෙට ගිහිං විනෝද වෙමු.
  • I really love my fiancee and she too loves me so.
    මම ඇත්තෙන්‌ ම මගේ පෙම්වතියට ආදරෙයි, ඇයත්‌ මට ඒ වගේ ම ආදරෙයි.
  • She doesn't say anything and keeps on crying.
    ඇය මොකුත්‌ කියන්නෙ නෑ දිගට ම අඬනවා.
  • Just get out of my face and leave me alone.
    මගේ යකා අවුස්සන්නෙ නැතිව පැත්තකට ගිහිං මගෙ පාඩුවේ ඉන්න දෙන්න.
  • The road is full of traffic and the bus is going at a snail's pace.
    පාරේ වාහන තදබදය නිසා බස්‌ එක යන්නෙ ඉබි ගමනින්‌.
  • Take this money and divide equally among you.
    මේ සල්ලි අරං ඔයාලා අතරෙ සමසමව බෙදාගන්න.
  • Let's finish tea and go.
    අපි තේ බීලා යමු.
  • Forget your quarrel and be friends.
    උඹලගේ රණ්ඩුව අමතක කරලා යාළු වෙයල්ලා.