Ad Space

n. ablative of agent


Example:

ඔබ ගෙදර යනවා නම්‌ මට වේලාසනින්‌ කියන්න.
If you go home, tell me early.

හෙට වහින්නේ නම්‌ මම නොවචන්නෙම්‌.
If it rains tomorrow, I will not come.

ඔහු හොඳින්‌ පාඩම්‌ කළත්‌ විභාගයෙන්‌ අසමත්‌ විය.
Though he studies well he failed the exam.

ඔහු දුප්පත්‌ වුවද ඔහු ඉතා හොඳය.
Although he is very poor, he is very good.

කෝ බලන්න ඔබේ සහතික පත්‍ර.
Let me see your certificates.

ඔබේ අධ්‍යාපන සුදුසුකම්‌ මොනවද?
What are your educational qualifications?

ඔබේ ලිපිනය කුමක්ද?
What's your address?

මම එහෙ නිවාඩුවක්‌ ගත කරමින්‌ හිටියේ.
I was spending a holiday there.

ඔහු පැණිරස කෑමට කැමතිය.
He likes eating sweets.

අවංක වෙන්න.
Be honest.

ගන්න ඔයාගේ පොත.
Take your book.

ඔබේ ස්ව කැමැත්ත.
Your own will.

මම කැමතියි යන්න.
I like to go.

ගන්න ඒක.
Take it.

එන්න එපා දැන්‌.
Don't come now.

ස්තුතියි ඔබට.
Thank you.

හරියටම හරි.
Exactly right.

ඒක වඩා හොඳයි.
That's better.

ඕන වෙලාවක.
Any time.

මට කණගාටුයි.
I'm sorry.

ඒක සුළු දෙයක්‌.
No worries.

කොහෙත්ම නෑ.
Not at all.

මම දන්නවා.
I know.

සමහර විට.
Some time.

වෙලාවට ඉන්න.
Be on time.

ඒක පට්ට.
It is insane.

මාරයි නේද?
Terrible isn't it.

ආ එහෙමද?
Is it so.

ඒක ලාභදායි.
It's profitable.

කරාමය වසන්න.
Turn off the tap.

ඒක මරු.
It is very exciting.

දොර අරින්න.
Open the door.

ඒක සැබෑ GOS.
It comes true.

කවුද ඒ කෙල්ල?
Who is that girl.

තවම නෑ.
Not yet.

ජීවිතය කෙටියි.
Life is short.

පුරුදු විදිහට.
As usual.

ඕනි නැහැ.
No need.

වෙලාව කීයද?
What time is it.

සිහියෙන්‌ ඉන්න.
Be mindful.

ටිකක්‌ ඉන්න.
Hold on.

ඔයාට ඒක මතකද?
Do you remember it?

ඔයා කවද්ද එහෙ යන්නේ?
When will you go there?

මෙහෙ මොකක්ද සිද්ධවෙන්නේ?
What's going on here?

බස්‌ නැවතුම කොහේද?
Where is the bus stand?

ඔයා එහෙ ගියාද?
Did you go there?

මට මතක් කරන්න පුළුවන්ද?
Can you remind me?

ඔයා මොකටද බලාගෙන ඉන්නේ?
Why are you waiting for?

මොකක්ද ක්‍රමචේදය?
What's the procedure?

මේක හොඳයි ද?
Is this fine?

කුලිය කීයද?
What's the rent?

මට මේක තියාගන්න පුළුවන්ද?
Can I keep this?

කවුද කිවුවේ ඒක?
Who told you that?

ඇයි ඔබ ප්‍රමාද?
Why are you late?

අපි දැන්‌ යමුද?
Shall we go now?

ඔහුගෙන්‌ අහන්නද?
Shall I ask him?

මම එළියට යන්නද?
May I go out?

ඔබ එය විශ්වාස කරනවද?
Would you believe that?

ඔයාට ඒක මතක්‌ කරගන්න පුළුවන්ද?
Can you remember it?

මොකක්ද ක්‍රමවේදය?
What's the procedure?

ඒක අමාරු දෙයක්ද?
Is it a difficult task?

මොකක්ද මෙකේ තේරුම?
What's the meaning of this?

මට මතක්‌ කරන්න පුළුවන්ද?
Can you remind me?

කවුද ඔයාට ඒක කිවුවේ?
Who told you that?

මම දැක්කා ඔයා එනවා.
I saw you coming.

මම එනකන්‌ ඉන්න එපා.
Don't wait for me.

පොඩ්ඩකට එන්න.
Come for a while.

හිනාවෙන්නකො.
Smile will you.

කමිසයක්‌ දාගන්න.
Put on a shirt.

මට කේන්ති ගියා.
I lost my temper.

මගේ දිහා බලන්නකෝ.
Look at me will you.

මම මගේ උපරිමය කලා.
I did my best.

මේ කමිසය තෙතයි.
This shirt is wet.

ඔබ අද ඔබේ සයිකලය ගන්නට ඕනෑ.
You ought to take your cycle today.

ඔබේ මව ඕනෑම චේලාවක එන්න පුළුවනි.
Your mother ought to come any time.

ඔබ මේ කමිසය මිලදී නොගත යුතුය.
You ought not to buy this shirt.

මට අද වේලාසන යන්න තියෙනවා.
I have to go early today.

මට ලබන සතියේ ගෙදර යන්නට වේවි.
I will have to go home next week.

මට යමක්‌ දැන්‌ කන්නට වුවමනා වී තිබෙනවා.
I need to eat something now.

මට හෙට ගෙදර යාමට වුවමනා වේවි.
I will need to go home tomorrow.

මට ඔහුව බස්‌ එකේ හමුවීමට ලැබුණා.
I happened to meet him in the bus.

ඔහු මේ කාරණය දැන සිටිය යුතුය.
He is supposed to know this matter.

මොනවද චෙලා තියෙන්නේ?
What has happened?

ඇමතුමේ රැඳී සිටින්න පුළුවන්ද?
Can you hold the line?

මම මොනවද කළයුත්තේ?
What should i do?

මොකක්ද මේකේ තේරැම?
What's the meaning of this?

මේක කාගේ අදහසක්ද?
Whose idea is this?

මීළඟ කෙනා කවුරැන්‌ විය හැකිද?
Who will be the next?

මම වෙනුවෙන්‌ දෙයක්‌ කරන්න පුළුවන්ද?
Can you do me a favour?

මේක කවුරැන්‌ වෙනුවෙන්ද?
This is for whom?

මොකක්ද කාරණය?
What's the matter?

මෙහි අරමුණ මොකක්ද?
What's the purpose of this?

ඔබේ අවශ්‍යතාවය කුමක්ද?
What's your requirement?

ඔබ මේ ගැන දැනුවත්‌ ද?
Are you aware about this?

ඇයි ඔබ එහෙම හිතන්නේ?
Why do you think so?

ඔයාට ඒක මතක ද?
Do you remember it?

ඒක කොහොමද?
How is that?

මේක මොකටද?
This is for what?

ඔබ සූදානම්‌ ද?
Are youready?

ඇයි ඔයා ඊයේ ආවේ නැත්නේ?
Why were you absent yesterday?

මොකක්ද මේකේ තේරුම?
What's the meaning of this?

අපි ආපහු පරදින්න යන්නේ.
We are going to lose again.

ඒක තමයි මේකේ ස්වභාවය.
It is the nature of this.

මම ඒක දැකලා තියෙනවා.
I have seen it.

මෝඩයෙක්‌ චෙන්න එපා.
Don't be a fool.

කොළඹට කොච්චර දුරද?
How far is to Colombo?

හොඳ නමක්‌ දිනා ගැනීම පොහොසත්‌ චනවාට වඩා අගනේය.
A good name is better than riches.

තමාට අලුතින්‌ ලැබුණු ගෞරවය ගැන පහත්‌ ජන්මයක්‌ ඇති පුද්ගලයා උදම්‌ අනයි.
A low born man feels proud of new honours.

වැසුණු මුවකින්‌ මැස්සන්‌ ඇල්ලිය නොහැක.
A closed mouth catches no fly.

වැඩ නොදන්නා මිනිසාගේ කාර්යය තම උපකරණ සමග පොරබැදීම පමණි.
A bad workman quarrels with his tools.

සාක්කුව පිරී ඇත්නම්‌ මිතුරන්ගෙන්‌ අඩුවක්‌ වන්නේ නැත.
A full purse never lacks friends.

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.
All that glitters are not gold.

එක්‌ බැටළුවෙකුට තම රැළටම බලපෑම්‌ ඇති කළ හැක.
A single sheep infects the whole flock.

අලස මිනිසාගේ මනස යකාගේ කම්මල වැනිය.
An idle man's brain is devil's workshop.

වරදකාරී හෘද සාක්ෂිය තමාටම චෝදනා කරගනී.
A guilty conscience is self accused.

වැටෙන මිනිසා පිදුරු ගසක වුව එල්ලෙයි.
A drowning man catches at a straw.

ගසෙහි සිටින කුරුල්ලන්‌ දෙදෙනාට වඩා අතෙහි සිටින කුරුල්ලා වටී.
A bird in hand is worth two in the cup and the lip.

කිරි ශීතකරණයේ තියන්න.
Put the milk in the fridge.

අපේ ශීතකරණය කැඩිලා.
Our fridge is broken.

අපේ ශීතකරණය වැඩකරන්නේ නැහැ.
Our fridge is not working.

ශීතකරණයේ ආහාර නැහැ.
There is no food in the fridge.

ශීතකරණය ඇරලා කිරි ගන්න.
Open the fridge and take out the milk.

ශීතකරණයේ කිරි හුඟක්‌ ඉතිරි වෙලා නැහැ.
There is not much milk left in the fridge.

බිත්තර තියෙන්නේ ශීතකරණයේ.
The eggs are in the fridge.

ඔබ ශීතකරණය පිරිසිදු කළාද?
Did you clean the fridge?

ඇයි ඔබ ශීතකරණය අලුත්වැඩියා නොකළේ?
Why don't you repair the fridge?

සැහැල්ලු පසුම්බිය බරපතල සාපයකි.
A light purse is a heavy curse.

හොදින් අවසන් වන සෑම දෙයක්ම හොඳය.
All is well that ends well.

අස්වනු ලබා ගන්නේ වැපිරූ ආකාරයටය.
As you sow, so shall you reap.

නරක නාමය නරක ක්‍රියාවට වඩා නරකය.
A bad name is worse than bad deeds.

අන්ධ මිනිසකු වර්ණ පිළිබඳ විනිශ්චයකට සුදුසු නැත.
A blind man is no judge of colours.

පිළිස්සීමට ලක්වූ දරුවකු නිතරම ගින්දරට බියවේ.
A burnt child dreads the fire.

අවැසි විට ළඟ සිටින මිතුරා ඇත්තෙන්ම මිතුරෙකි.
A friend in need is a friend indeed.

පුංචි කුරුල්ලකු පුංචි කූඩුවකින්‌ සෑහීමට පත්වේ.
A little bird is contented, with a little nest.

පුංචි දර කැබැල්ලකින්‌ පුංචි උදුනක්‌ උණුසුම්‌ කරයි.
A little wood will heat a little oven.

නුවණැත්තා තමාට ලබාගත නොහැකි දේ පිළිබඳ තැකීමක් නොකරයි.
A wise man cares not for what he cannot have.

මිනිසාගේ නරකම දුර්ගුණය තෘප්තියට පත්‌ නොවීමයි.
A man's discontent is his worst evil.

මට හෙම්බිරිස්සාව හැදිලා කථාකරගන්න බෑ.
I have a cold and lost my voice.

අනතුරක්‌ වෙලා මගෙ කකුල කැඩුණා.
I had an accident and broke my leg.

අපි අරෙහෙට ගිහිං විනෝද වෙමු.
Let's go there and have a picnic.

මම ඇත්තෙන්‌ ම මගේ පෙම්වතියට ආදරෙයි, ඇයත්‌ මට ඒ වගේ ම ආදරෙයි.
I really love my fiancee and she too loves me so.

ඇය මොකුත්‌ කියන්නෙ නෑ දිගට ම අඬනවා.
She doesn't say anything and keeps on crying.

මගේ යකා අවුස්සන්නෙ නැතිව පැත්තකට ගිහිං මගෙ පාඩුවේ ඉන්න දෙන්න.
Just get out of my face and leave me alone.

පාරේ වාහන තදබදය නිසා බස්‌ එක යන්නෙ ඉබි ගමනින්‌.
The road is full of traffic and the bus is going at a snail's pace.

මේ සල්ලි අරං ඔයාලා අතරෙ සමසමව බෙදාගන්න.
Take this money and divide equally among you.

අපි තේ බීලා යමු.
Let's finish tea and go.

උඹලගේ රණ්ඩුව අමතක කරලා යාළු වෙයල්ලා.
Forget your quarrel and be friends.

කරැණාකරලා අපිට තේ කෝප්ප හතරක්‌ ඕන, ඉක්මනට ලෑස්ති කරන්න.
We would like four teas please, and make it snappy.

මට ඒවා අහලා එපා වෙලා ඉන්නෙ.
I am sick and tired of hearing them.

මට බඩේ කැක්කුමක්‌ තිබුණා දැන්‌ සනීපයි.
I had a stomachache and now it’s all right.

ඔහු ගුලිවෙලා නිදාගත්තා.
He curled and slept.

ඔහු දුම්බීම අත්‌ ඇරලා ඔහු දැන්‌ දුම් නොබොන්නෙක්.
He has given up smoking and now he is a non-smoker.

ඇඟ හෝදගෙන උදේ කෑම ගන්න.
Have a wash and take breakfast.

ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.
You tell me who your friends are and I'll tell you what you are.

කිට්ටු වෙලා බලන්න.
Get closer and look.

ඔයාට පුළුවන් අලුත් ණයක් අරගෙන අලුත් ව්‍යාපාරයක්‌ ආරමිභ කරන්න.
You can obtain a fresh loan and start a new business.

හොඳට නරකට දෙකට කටමය.
The mouth is the executioner and the doctor of the body.

කඳු පන්තිය අති විශාලයි.
The mountain range is immense.

අවදානමට මුහුණ දෙන විට ඔහුගේ මුහුනේ අති විශාල ධෛර්යක් තිබුනි.
He showed immense courage in the face of danger.

මුහුදේ ගැඹුර අති විශාලයි.
The ocean's depth is immense.

ප්‍රවෘත්තිය ඇසීමෙන් පසු ඇයට අති විශාල සහනයක් දැනුණි.
She felt an immense sense of relief after hearing the news.

නව තාක්ෂණයට අති විශාල හැකියාවක් ඇත.
The new technology has immense potential.

තවමත්‌ ජලයේ සිටින මාළුවා වෙනුවෙන්‌ කේවල්‌ නොකරන්න.
Don't bargain for fish which are still in the water.

කෝටුවක්‌ ඇඳගත්‌ විට එය කෝටුවක්‌ ලෙස දිස්‌ නොවනු ඇත.
Dress up a stick and it does not appear to be a stick.

බේබද්දෝ බොරු කීමට නොහැකි මෝඩයෝය.
Drunkards and fools cannot lie.

බීමත්කමින්‌ වැරදි කරන්නේ නැති අතර බීමත්කම වැරදිකාරයන්‌ සොයා ගනියි.
Drunkenness does not produce fault, it discovers them.

සෑම නිවෙසක්‌ ඉදිරියෙන්ම දණගාගෙන යන කළු ඔටුවා මරණයයි.
Death is the black camel that kneels before every door.

මියයාම ජීවත්වීම තරම්ම ස්වභාවික දෙයකි.
Dying is as natural as living.

මරණය වෛද්‍යවරයා පරදවයි.
Death defies the doctor.

සෑම දෙයකම අවසානය මරණයයි.
Death is the end of all.

පිහිනීමට ඉගෙනගන්නා තුරු ජලය අසලට නොයන්න.
Don't near the water until you learn how to swim.

මරණය සෑම දෙනාටම නියත දෙයකි.
Death is sure to all.

ආරක්ෂාවේ අසල්වැසියා අනතුරයි.
Danger is next neighbour to security.

Ad Space
Recently added