Ad Space

and

conj. එවිට

conj. ත්

conj.

conj. පිණිස

conj. සහ

conj. හා


Example:

A bird in hand is worth two in the cup and the lip.
ගසෙහි සිටින කුරුල්ලන්‌ දෙදෙනාට වඩා අතෙහි සිටින කුරුල්ලා වටී.

Open the fridge and take out the milk.
ශීතකරණය ඇරලා කිරි ගන්න.

I have a cold and lost my voice.
මට හෙම්බිරිස්සාව හැදිලා කථාකරගන්න බෑ.

I had an accident and broke my leg.
අනතුරක්‌ වෙලා මගෙ කකුල කැඩුණා.

Let's go there and have a picnic.
අපි අරෙහෙට ගිහිං විනෝද වෙමු.

I really love my fiancee and she too loves me so.
මම ඇත්තෙන්‌ ම මගේ පෙම්වතියට ආදරෙයි, ඇයත්‌ මට ඒ වගේ ම ආදරෙයි.

She doesn't say anything and keeps on crying.
ඇය මොකුත්‌ කියන්නෙ නෑ දිගට ම අඬනවා.

Just get out of my face and leave me alone.
මගේ යකා අවුස්සන්නෙ නැතිව පැත්තකට ගිහිං මගෙ පාඩුවේ ඉන්න දෙන්න.

The road is full of traffic and the bus is going at a snail's pace.
පාරේ වාහන තදබදය නිසා බස්‌ එක යන්නෙ ඉබි ගමනින්‌.

Take this money and divide equally among you.
මේ සල්ලි අරං ඔයාලා අතරෙ සමසමව බෙදාගන්න.

Let's finish tea and go.
අපි තේ බීලා යමු.

Forget your quarrel and be friends.
උඹලගේ රණ්ඩුව අමතක කරලා යාළු වෙයල්ලා.

We would like four teas please, and make it snappy.
කරැණාකරලා අපිට තේ කෝප්ප හතරක්‌ ඕන, ඉක්මනට ලෑස්ති කරන්න.

I am sick and tired of hearing them.
මට ඒවා අහලා එපා වෙලා ඉන්නෙ.

I had a stomachache and now it’s all right.
මට බඩේ කැක්කුමක්‌ තිබුණා දැන්‌ සනීපයි.

He curled and slept.
ඔහු ගුලිවෙලා නිදාගත්තා.

He has given up smoking and now he is a non-smoker.
ඔහු දුම්බීම අත්‌ ඇරලා ඔහු දැන්‌ දුම් නොබොන්නෙක්.

Have a wash and take breakfast.
ඇඟ හෝදගෙන උදේ කෑම ගන්න.

You tell me who your friends are and I'll tell you what you are.
ඔයා කියන්න ඔයාගෙ යාළුවො කවුද කියලා එතකොට මම ඔයාට කියන්නම් ඔයා කවුද කියලා.

Get closer and look.
කිට්ටු වෙලා බලන්න.

You can obtain a fresh loan and start a new business.
ඔයාට පුළුවන් අලුත් ණයක් අරගෙන අලුත් ව්‍යාපාරයක්‌ ආරමිභ කරන්න.

The mouth is the executioner and the doctor of the body.
හොඳට නරකට දෙකට කටමය.

Dress up a stick and it does not appear to be a stick.
කෝටුවක්‌ ඇඳගත්‌ විට එය කෝටුවක්‌ ලෙස දිස්‌ නොවනු ඇත.

Drunkards and fools cannot lie.
බේබද්දෝ බොරු කීමට නොහැකි මෝඩයෝය.

Ad Space
Recently added